(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සිය වගකීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) චෝදනා කළේය.
පාරිභෝගිකයන් බලගැන්වීම, වෙළෙදාම විධිමත් කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම ප්‍රධාන වගකීම වුවද මෙම දැක්මට අනුව එම අධිකාරිය කටයුතු නොකරන බව කෝප් කමිටුව පවසයි.
මේ අනුව පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කටයුතු කළ හැක්කේ කෙසේ දැයි සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යසාධනය විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (19) රැස්විය.

