(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ක්‍රිකට් පරිපාලනයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හා මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් අතරේ උණුසුම් වචන හුවමාරුවක් මැතිසබයේදී අද (07) ඇතිවිය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා ඇමැතිවරයාට එවා තිබූ ලිපියක් පදනම් කරගෙන අර්ජුන රණතුංග මහතා තිලංග සුමතිපාල මහතා චෝදනා කළ අතර දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුයේ මේ අවස්ථාවේදීය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වර්තාව මගින් තිලංග සුමතිපාල මහතාට අපරාධ චෝදනා පවා නගා ඇතැයි අර්ජුන රණතුංග මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දුන් තිලංග සුමතිපාල මහතා පැවැසුවේ අර්ජුන රණතුංග මහතාට විරුද්ධව තරග පවාදීමේ චෝදනාවක් යටතේ පරීක්ෂණයක් පැවැත්වුණු බවයි.
ක්‍රිකට් පරිපාලනයේ දූෂණ වංචා සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා ඉල්ලීමක් කළේය.
සූදු ක්‍රීඩා වල යෙදී සිටින්නන්ට ක්‍රීඩා සංගම්වල තනතුරු දැරීම වැළැක්වීමේ රෙගුලාසි පිළිබඳ විවාදයක් මැතිසබයේදී අද (07) පැවැත්විණි.මේ සිද්ධිය ඇතිවුයේ එම විවාදය අතරතුරේදීය.
සූදු ක්‍රීඩා වල යෙදී සිටින්නන්ට ක්‍රීඩා සංගම්වල තනතුරු දැරීම වැළැක්වීමේ පනත් කෙටුම්පත කිසියම් අතපසුවීමක් නිසා මැතිසබයේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී නොතිබිණැයි පැවසිණි.
මේ හේතුවෙන් ඒ පනතේ කෙටුම්පත පිළිබඳ විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව ලබන 11 වැනිදා පෙරවරු 11.30 නැවත රැස්වන බවද පාර්ලිමේන්තුව නිවේදනය කළේය.
කලින් තීරණය කරගත් පරිදි අද දිනයෙන් පසුව පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් මස 3 වැනිදායි. පාර්ලිමේන්තුව රැස්වන්නේ පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුවයි.

