පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 45 කට සීමාවෙයි


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත ආණ්ඩු පක්ෂයේ කටයුතු ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් අද දිනයේ දී පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 45 කට සීමා විය.

ආණ්ඩු පක්ෂය විසින් අද දිනට නියමිත යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් විපක්ෂය ඊට අදාළ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් ආණ්ඩු පක්ෂයේ නොමැතිවීම හේතුවෙන් අදාළ යෝජනා ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩු පක්ෂයට සිදුවිය.

පසුව කතානායකවරයා විසින් සභාව කල් තබනු ලැබීය. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සිව් දෙනෙක් පමණි.