පාර්ලිමේන්තුවටත් AI


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ඒ අයි තාක්ෂණය යොදා ගැනීමට අවධානය යොමුවී  ඇත.

මේ සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක්ද මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පවත්වා ඇත.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා, කාරක සභා වාර්තා, කාර්ය  සාධන සටහන් ඒ අයි  තාක්ෂණය ඔස්සේ සකස් කිරීමේ හැකියාව ගැන මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇත. මෙවැනි තාක්ෂණය යොදා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කරගත හැකි බව  හර්ෂද සිල්වා මහතා එම කමිටුව හමුවේ පෙන්වාදී ඇත.