පාර්ලිමේන්තුවට ලොකු ’’රෙපෙයාර්’’ එකක්




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියා කටයුත්තක් ආරම්භ කෙරේ.

පාර්ලිමේන්තුව පුරා මෙවැනි මහා පරිමාණ අලුත් වැඩියා කටයුත්තක් මෙලෙස ආරම්භ කෙරෙන්නේ වසර 45 කට පසුවය. අමාත්‍යමණ්ඩල අනුමතිය යටතේ  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මෙම අලුත් වැඩියා කටයුතු සිදු කෙරේ.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof Terrace) මත තිබෙන පස් තට්ටුව ඉවත්කොට අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී . එමෙන්ම වැහි පිහිලි (Roof Gutters), තඹ දොර (Copper Door), පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය (Parliament Medical Center), වැසිකිළි පද්ධතිය (Washrooms) සහ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගරයේ (Members Dressing Room) අලුත් වැඩියා කටයුතුද සිදුකෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

මෙයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සුළු නඩත්තු කටයුතු සම්බන්ධිකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව   විසින් සිදු කෙරුණු නමුත්  මෙම මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු  ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්  සිදුකෙරේ.