(අංජුල මහික වීරරත්න බොගවන්තලාවේ සිට)
පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මිරිස් කුඩු ගසා ගන්නට නොව තමන්ගේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට බව සියලුම මන්ත්‍රීවරු සිතෙහි තබා ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා බොගවන්තලාවේදී අද (24) පැවැසීය.
වතුකරයේ ජනතාව වෙනුවෙන් පලනී දිගම්බරම් වැනි ඇමැතිවරු කරන සේවය ආදර්ශයට ගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා එහිදී කීය.
ඉන්දීය රජයේ රුපියල් මිලියන 175 ක අධාර යටතේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය විසින් ඉදිකළ බොගවන්තලාව බ්‍රිඩිවෙල් වතුයායේ වී.කේ වෙල්ලයන් පුරන් ගම්මානය විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
අංග සම්පුර්ණ නිවාස 155කින් යුතු මෙම ගම්මානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ,ඉන්දීය මහ කොමසාරිස් නරංජිත් සිං සන්ධු සහ අමාත්‍ය පලනි දිගම්බරම් යන මහත්වරු අතින් විවෘත කෙරිණි.
ඡායාරූප - චතුර එස්.කොඩිකාර





