පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කතා කරමින් සිටියදී  විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කිරීම නිසා ඇති වූ උණුසුම් තත්ත්වය මත  පාර්ලිමේන්තුවේ කටයුතු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විනාඩි 10 කට කල් තබනු ලැබීය.

ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යධූරයක් භාර ගැනීම පිළිබඳව අදහස් දක්වමින් සිටියදී  මේ විරෝධය ඇතිවිය.