පාර්ලිමේන්තුව විධායකයේ අතකොළුවක් වෙලා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව විධායකයේ අතකොළුවක් බවට පත්වී ඇතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවට බව ද ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කිව්වා ඇත්තටම සිදුවී ඇත්තේ පාර්ලිමේන්තුව සමතලා කිරීම බවද පීරිස් මහතා සඳහන් කළේය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට  එක්වෙමින් ජී.එල් පීරිස් මහතා මේ බව කීය.