(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
එදින පාර්ලිමේන්තු වටරවුමේදී ආණ්ඩුවට සහය පලකරන දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් පැවැත්වෙන බවද ඔහු කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
පාර්ලිමේන්තුව රැස්වන්නේ 05 වැනිදා නොව 16 වැනිදාම බවත් මන්ත්‍රීවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උදෑසන පැවසුවේ පාර්ලිමේන්තුව 5 වැනිදා රැස්වන බව නොව ජනාධිපතිවරයා විසින් කැදවීමට ඉඩ තිබෙන බව යැයිද ඔහු සදහන් කළේය

