
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
ආපදා තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාද හෙට සහ අනිද්දා නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ එම කාරක සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව පාර්ලිමේන්තුව ලබන සඳුදා යළි රැස්වීමට නියමිතය. සඳුදා සහ අඟහරුවාදා යන දෙදින පාර්ලිමේන්තුව රාත්‍රිය දක්වාම පැවැත්වීමටද මෙහිදී තීරණය කර ඇත.
සඳුදා සහ අඟහරුවාදා දිනවල උදේ 9 සිට පස්වරු 6 දක්වා එදිනට නියමිත විවාදය පැවැත්වෙන අතර සවස 6 සිට රාත්‍රිය දක්වා හෙට සහ අනිද්දා දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබූ විවාදය පැවැත්වෙනු ඇත.

