පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 2 සහ 5 යන දිනවල දැඩි පරීක්ෂාවක්


 

 

 

(සුජිත් හේවාජූලිගේ සහ ඩයනා උදයංගනී)

 

අයවැයට ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මුළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ලබන 2 වැනි සිකුරාදා සහ 5 වැනි ස‍ඳුදා දිනයන්හි දී දැඩි පරීක්ෂාවට ලක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.

අයවැය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුම්වත් කරමින් කතානායකවරයා මෙසේ කීය.

මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර හා ඔවුන්ගේ ඇඳුම් අල්මාරි පවා මෙහිදී පරීක්ෂාවට ලක් කෙරෙන බව ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

අයවැය ප්‍රකාශයට පත් කෙරෙන ලබන 5 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිත අමුත්තන්ට පමණක් සීමා කෙරෙන බව කී කතානායකවරයා මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තුවට පැමිණෙන ආරාධිත අමුත්තන් ඉලක්ක කර විශේෂ ප්‍රවාහන වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව පැවසීය.