පාර හරස් කර අවුරුදු පොළක්


(ක.ග.කරුණාරත්න) 
පොලොන්නරුව නගරයේ  පවත්වනු ලබන වෙළඳ ප්‍රදර්ශණයක් සඳහා පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ හරි අඩක්ම අවහිර කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්වන බව මහජනතාව කියා සිටිති. 
මාර්ග නීතිපවා උල්ලංඝණය කරමින්  ප්‍රධාන මාර්ගයේ පදික මාරු මත ප්‍රදර්ශණයේ කුටි ඉදිකර ඇතැයිද එම ජනතාව චෝදනා කළහ. රජයේ අනුග්‍රහයෙන් මෙම පොළ පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

මේ නිසා එහි විශාල රථ වාහන තදබදයක්ද ඇතිවී තිබෙනු සුලබ දසුනකි.
පොලොන්නරුව නගරයේ හෝ ඒ අවට මෙවැනි ප්‍රදර්ශණයක් පැවැත්වීම සඳහා සුදුසු ස්ථාන  ඕනෑ තරම් තිබියදී ජනාකීර්ණ නගරය මධ්‍යය අවහිර කිරීම අනවශ්‍ය අනතුරුදායක තත්වයක් නිර්මාණය කිරීමක් යැයිද ඔවුහු පෙන්වා දෙති.