
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ අද(27) අලුයම කළ මෙහෙයුමකදී පුද්ගලයන් 10දෙනෙකු ද මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක්, මත්පෙති 20කට ආසන්න ප්‍රමාණයක්, දුම්වැටි 20කට ආසන්න ප්‍රමාණයක් හා මාවා කුඩා පාර්සලයක් පොලිස් භාරයට ගෙන ඇත.
පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 100දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් කළ මෙහෙයුම සඳහා පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලද 'ජන්කා' නිල සුනඛයා සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලද 'ශෙබෝ' නිල සුනඛයා සහභාගී කර ගැනිණි.
පැය දෙකකට අධික කාලයක් කළ මෙහෙයුම සඳහා පානදුර පොලිස් කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා තිබිණ.




