පානදුර උතුර පොලිසියෙන් අතුරුදන් වූ ටී- 56 ගිනි අවි අකුරැස්සෙන් හමුවේ


(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
 පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට  පෙර අතුරුදන්ව තිබු ටී -56 වර්ගයේ ගිවි අවි  දෙක  අකුරැස්සෙන් සොයාගත් බව පොලිස්  මාධ්‍ය  ප්‍රකාශක  පොලිස් අධිකාරි රුවන් ගුණසේකර  මහතා පවසයි.
 
 මෙම ගිනි අවි දෙක සමග පානදුර යුද හමදා කදවුරේ  සෙබළු දෙදෙනකු සමග පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
 
ඉකුත් 5 වැනි දින අකුරැස්ස  පොලිසියේ යතුරුපැදි සංචාරයේ නිරත පොලිස් යතුරු පැදියක ගමන්ගත් පොලිස් නිලධාරින් දෙදෙනකුට  එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන්  සිදු කළ පරික්ෂණයේදි අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් හෙළි වු තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
පාස්කු ප්‍රහාරයෙන් පසු රාජකාරියට ගිය හමුදා සෙබළෙකු විසින් පානදුර උතුර පොලිසියේදී මෙම ගිනි දෙක සොරාගෙන ඇත.