පාතාලයන්ට හොර පාස්පෝට් හැදූ ප්‍රා.ලේකම් නිලධාරීහු මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෙරට විවිධ අපරාධ සිදුකර විදේශගතවීමට මාන බලන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ව්‍යාජ තොරතුරු ඇතුළත් ගුවන් ගමන් බලපත්‍ර සකසා දුන් බව කියන වව්නියාව සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරියෙක් සහ නිලධාරිනියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනිය සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාරවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෑත කාලයේ දී මෙරට ආන්දෝලාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකුගේ ඡායාරූප ඇතුළත් එයට  ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කල ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ද  පොලිස් භාරයට ගත්  ගමන් බලපත්‍ර අතර තිබෙන බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකාරිය 54 හැවිරිදි වූ තැනැත්තියකි  දෙදෙනාම අනුරාධපුර පදිංචිකරුවන් ය.