පාතහේවාහැට නායයෑමෙන් අඹුසැමි යුවළක් මරුට


(හේවාහැට-එම්.දසනායක)

පාතහේවාහැට මැදගම පල්ලේගම ග්‍රාම නිලධාරී වසමේ ඊයේ (26) රාත්‍රී කාලයේ  සිදුවූ නාය යාමකින් පස් කන්දකට යටවීමෙන් අඹුසැමි යුවළක් මරණයට පත්ව තිබේ.

මැදගම ගම්මානයේ පදිංචිව සිටි ගාමිණී හා පොඩිමැණිකේ නැමති අඹුසැමි යුවළක් මෙලෙස මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

රාත්‍රී දහයට පමණ නාය යාම සිදුව ඇති අතර කර්මාන්ත ශාලාවක රාත්‍රී සේවා මුරය අවසන් කර පැමිණෙන සිය දියණිය නිවසට කැඳවාගෙන යාමට මාර්ගයට පැමිණි ගම්වැසියෙකු මෙම නිවස නාය යාමකට ලක්ව අනතුරක් සිදුව ඇති බව දැක ඒ පිළිබඳව අසල්වාසීන් දැනුවත් කිරීමෙන් පසුව තලාතුඔය පොලීසියට හා වසම භාර ග්‍රාම නිලධාරී මහතාට දැනුම් දීමට පියවර ගෙන තිබේ  

ඔවුන් පදිංචිව සිටි නිවසේ නිදන කාමරය හා මුළුතැන්ගෙය නාය යාමට ලක්  වීමෙන් පස් කන්දකට යටවීමෙන් මරණයට පත්වූ මෙම අඹුසැමි යුවළගේ මෘත දේහයන් මහත් පරිශ්‍රමයක් දරා අද (27දා) උදෑසන සොයා ගැනීමට අපදා කණ්ඩායම් වලට හැකියාව ලැබී ඇත.