ප්‍රා.ලේ ගංවතුර ආධාර දෙන්න අවදානම් ගමනක


(ජයරත්න වික්‍රමාරච්චි)

කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් එස්.මාතරාරච්චි මහත්මිය  ජලගැලීම් හා ගංවතුර හේතුවෙන් හානිය පිළිබඳව නීලබැම්ම ව්‍යාපාරයේ ගෙයින්ගෙට ගොස් තොරතුරු එකතු කරමින්  ගෘහ උපකරණ වෙනුවෙන් රජය ලබාදීමට නියමිත රුපියල් 50,000 සහන දීමනාවට  අදාළ ඉල්ලුම් පත්‍ර ලබාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කළේය

එම ගමනේ දී ප්‍රාදේශීය ලේකම්වරියට ගංවතුරෙන් විනාශ වූ මංමාවත් පමණක් නොව නීල බැම්ම ව්‍යාපාරයේ ප්‍රධාන වාරි ඇල තරණය කිරීමට සිදු වූ යේ පුවක් කොටයක් සහ යාන්තම් සවිලක ඇත් වැටක ආධාරයෙනි.

මෙහිදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සම්බන්ධ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා සහභාගිවී සිටින අයුරු දැකගත හැකිවිය.

නීලබැම්ම ව්‍යාපාරයේ ප්‍රධාන වාරි ඇළ හරහා තාවකාලිකව පුවක් ගහක් යොදා සකස්කර ඇති ඒදණ්ඩකින් අවදානම පවා නොතකා ප්‍රාදේශීය ලේකම්වරිය  එගොඩවන අයුරු