(අංජුල මහීක වීරරත්න)
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුව තිබියදීත් සිංගප්පුරුව බලාගොස් සිටි ජනාධිපති , ආරක්ෂක ,නීතීය හා සාමය පිළිබඳ ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කඩිනමින් මෙරටට නොපැමිණියේ මන්දැයි ආණුඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කර ගැනීමට තීරණය කර ඇත.
සුනාමි ව්‍යසනය අවස්ථාවේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එන්ගලන්තයේ සිට පළමු ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි බව පෙන්වා දුන් පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ලංකාවට පැමිනියේ එදින මෙරටට පැමිණි ගුවන් යානා තුනෙන් අවසන් යානයේ බවද පවසයි.
එම නිසා ඒ ගැන පැහැදිලි කර ගැනීමට ජනාධිපතිවරයා හමුවී කතා කිරීමට සැරසෙන බව එජාප මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීය.

