
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉකුත් 14 වෙනිදා පැවැත්වූ එල්.එල්.බී (LLB) නීති උපාධිය සඳහා බඳවාගැනීමේ තරඟ විභාගයේ බුද්ධි පරීක්ෂණ ( IQ) සහ භාෂාව ප්‍රශ්නපත්‍ර කලින් පිටවී ඇති බවත් ප්‍රමුඛ නම් ආයතනයක් ඒවා කලින්ම ලබාදී ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමා අධිකරණ සහ අධ්‍යාපන ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.

