ප්‍රභූන් පිරිසක් නැව් දෙකකට නඟිති


(ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ සහ ගජබා නෞකා දෙකෙන් ප්‍රභූ පිරිසක් කොළඹ වරායෙන් පිටත් ව යන අයුරු සමාජමාධ්‍යවල වීඩියෝවක් සංසරණය වෙයි.

ප්‍රභූන් පිරිස කවුද යන්න තහවුරු වී නොමැති අතර, පිරිසක් ඉතා හදිස්සියෙන් බඩු බාහිරාදිය රැගෙන නෞකාවට නගින අයුරු ද එහි  දර්ශනය වේ.

මේ අතර රථ පෙළක් කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ ද ගමන් ගන්නා අයුරු ද සමාජ මාධ්‍යවල සැරි සරමින් පවතියි.