(මනෝප්‍රිය ගුණසේකර සහ මහින්ද නිශ්ශංක)
කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය අවහිරතාවයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරි පවසයි.
පැය පහක් තුළ මරදාන හා පොල්ගහවෙලදී දුම්රියක් සහ දුම්රිය එංජිමක් පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තම්න්තුව පවසයි.
මරදානේ සිට කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය එංජිම අද(18) පෙරවරුවේ පීලිපැනීම හේතුවෙන් සියලු දුම්රිය ධාවන කටයුතු පැයකට ආසන්න කාලයක් ප්රජමාද වී ධාවනය වී ඇත.
මේ හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
කොළඹ කොටුවේ සිට පොලගහවෙල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියද අද පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලිපැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

