(යොහාන් භාසුර)
ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතිව තිබෙන බව ජනතාව පවසති.
ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන්නේ ගෑස් ඇනවුම් කළ ද දින දෙකකින් ගෑස් තොග නොලැබුණු බවත් ගෑස් තොග අවසන් වීමෙන් ජනතාව අපහසුතාවට පත්ව ඇති බවත්ය.
කොළඹ නාගරික ප්‍රදේශයට ගෑස් සැපයුම අඛණ්ඩව ලැබෙන බව ද අළෙවි නියෝජිතයෝ කියති.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ කෙරවළපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ කොටසක් අලුත්වැඩියාවක් සඳහා වසා ඇති බවත් විවෘත ඇති කොටසේ නිස්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්ය.

