(සිතුම් චතුරංග)
එළැඹෙන ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය ලබාදීමට ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී විමුක්ති පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.චන්ද්‍රලිංගම් (තුලසි) මහතා පවසයි.
පුනරුත්තාපනය ලැබූ හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයින්ගේ ගැටළු ඇතුළු උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු සඳහා විසදුම් ලබාදිය හැකි එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ අනුව තම පක්ෂයේ සාමාජිකයින් වන පුනරුත්ථාපනය වූ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් ඇතුළු සෙසු පක්ෂ නියෝජිතයින් සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය ලබාදීමට තීරණය කළ බව සඳහන් කළේය.
ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවත් ඒ අනුව ඉදිරිපත් කළ කාරණා සම්බන්ධයෙන් අද (07) පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවත් පැවසීය.
අතුරුදහන් වූවන්ගේ ගැටළුව හා යුද්ධයෙන් සිදුවූ යුද අපරාධ වෙනුවෙන් සාධාරණය ඉටු කර ගැනීමටද සජිත් ප්‍රේමදාස මහතා හරහා හැකි වෙතැයි තම පක්ෂය අපේක්ෂා කරන බවද චන්ද්‍රලිංගම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

