ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක්



 
( තිළිණි ද සිල්වා)
 
 
උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමක් ලබාදීම අගය කරන බව යුරෝපා සංගමය අද (17) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නේවාසික තානාපතිවරුන්ගේ සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයාගේ  එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය එක්ව මෙම නිවේදනය නිකුත් කර ඇත.


 එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


‘‘උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමක් ලබාදීම, ශ්‍රී ලංකාව සමඟ ස්ථිර මිත‍්‍රත්වයන් තහවුරු කරමින් අගය කරනු ලබන බවට යුරෝපා සංගමය ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.


තවද, ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතනයන් පෙර පරිදිම පවත්වා ගෙන යෑම  පිළිබඳව යුරෝපා සංගමය ප‍්‍රසංශා කරන අතර ජාතික ප‍්‍රතිසන්ධානය උදෙසා සහ සියලූ සුබ සාධනයන් කෙරෙහි කරනු ලබන ප‍්‍රයත්නයන් සඳහා තවදුරටත් සහාය ලබා දීමට කැමැත්ත පළ කර සිටිමු.