
(අංජුල මහික වීරරත්න)
‘ප්‍රජාශක්ති’ දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් කිලිනොච්චියේදී පැවැත්විණි.
මේ සදහා උතුරු පළාතේ සේවය කරන උතුරු පළාත් සභාවේ නිලධාරීහු, යාපනය, කිලිනොච්චි, වවුනියා, මුලතිව්, මන්නාරම් දිස්ත්‍රික්ක වල රාජ්‍ය නිලධාරීහු සහ එම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීහු 45 දෙනෙක් පමණ සහභාගී වූහ.
සෑම ගමකම ප්‍රජා සංවර්ධන සභා ස්ථාපිත කරමින් මෙම වැඩසටහන බිම් මට්ටමින් ක්‍රියාවට නැංවෙන අතර මෙම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල නිලධාරීන් වෙත පැවරී තිබේ.
ඒ අනුව, ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් විසින් දැන සිටිය යුතු කරුණු, ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීම, සහ ප්‍රජා සවිබලගැන්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් වශයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් දැනුවත් කෙරිණි.
ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරෙන අතර සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් 09ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


