(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්‍රචණ්ඩත්වය උසිගන්වන අයට නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
යුද්ධයෙන් පසු මේ රටේ වූ සංහිඳියා ක්‍රියාවලිය ප්‍රමාණවත් නැහැ.ඒවා මතුපිටින් පේන ඒවා විතරයි. උතුරේ දකුණේ මව්වරුන් දස දහස් ගණනින් කඳුළු හැලුවා. අම්මලගේ කඳුළු වලට දෙමළ සිංහල භේදයක් නැහැ.පසුගිය ආණ්ඩු සමයේ උතුරේ මව්වරුන්ට තමන්ගේ දරුවන් සමරන්න වත් හැකියාවක් තිබුණේ නැහැ.සැබෑ දේශප්‍රේමය යනු සියලු ප්‍රජාවන්ට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලද සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීමයි යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.