(රංජන් කස්තුරි)
යහපාලන ආණ්ඩුවෙන් රාජ්‍ය නිලධාරීන්ට වූ පළිගැනීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කමිටුව පත්කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
ඉකුත් ආණ්ඩු සමයේදී දේශපාලන පළිගැනීම් බහුලව වූ බවද රජයේ නිලධාරීන්ට සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධාරීන්ට නොයෙකුත් හිරිහැර සහ අකටයුතුකම් වූ බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

