පළාත් සභාවලින් ජනතාවට ලැබුණු ප්‍රතිලාභ ගැන රාජ්‍ය ඇමැති වාර්තාවක් ඉල්ලයි


(ඩයනා උදයංගනී)

 

පළාත් සභා ක්‍රමය ආරම්භ වූ 1989 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 31ක කාලයේදී ඉන් ජනතාවට ලැබුණු ප්‍රගතිය පිළිබඳව තමාට පුළුල් වාර්තාවක් ලබා දෙන්නැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

එම වාර්තාව ලැබුණු විගස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පළාත් සභා ක්‍රමය සංශෝධනය විය යුතුද නැතිනම් අහෝසි විය යුතු ද යන්න ගැන තීරණයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (25) පැවති සාකච්ඡාවකදී පවසා ඇත.

 

ආරම්භයේ සිට පළාත්සභාවලට ලබාදුන් මුදල් හා ඉන් ලැබුණු ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සොයාබලන බව වීරසේකර මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

 

පළාත් සභාවල මහ ඇමැතිවරු, ඇමැතිවරු ආදී විවිධ තනතුරු යටතේ රටට සිදු වූ පරිවර්තනීය වෙනසක් තිබේද යන්න සොයා බැලිය යුතු බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසූ බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් දැක්වේ.