පළාත් සභා ඉදිකිරීම්වල විස්තර ප්‍රදර්ශනය කරන්න


(යොහාන් භාසුර)

ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන සියලුම ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණපත්‍ර (බී.ඕ.කිව්.) මහජනතාව දැනුවත්වීම සඳහා වැඩබිම්වල ප්‍රදර්ශනය කරන ලෙස මුදල් කොමිෂන් සභාව සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම්දී තිබේ. 

පළාත් සභා විෂයට අදාලව ක්‍රියාත්මක සියලුම ඉදිකිරීම්වල ගුණාත්මකභාවය සහ ඒ සඳහා වැයවන පිරිවැය උනන්දුවක් දක්වන පාර්ශවයකන්ට අධීක්‍ෂණය කළහැකි වියයුතු බවත් එමගින් අදාල ඉදිකිරීමේ ගුණාතාමකභාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට අපේක්‍ෂා කරන බවත් මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ. ටී. එම්. යූ. ඩී. බී. තෙන්නකෝන් මහතා එම ලිපියෙන් පවසයි.

මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණපත්‍ර ප්‍රදර්ශනය කිරීමෙන් වර්තමාන රජයේ මූලික අපේක්‍ෂාවක් වන මහජන මුදල් වැයකරනු ලබන සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය, වගකීම, වගවීම සහ ගුණාත්මකභාවය පවත්වාගැනීම ද බලාපෛාරොත්තු වන බව ද මුදල් කොමිෂන් සභාව පවසයි.