
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් අදහස් විමසීමට සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ළඟදීම කැඳවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ලංකාදීපයට පැවසීය.
පලා සභා මැතිවරණය පවත්වන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසක් නැති හෙයින් ඒ පිළිබඳව තීරණයකට පැමිණීමට මෙම සර්වපාක්ෂික හමුව පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.
දැනට පළාත් සභා නීතිය පවතින්නේ ගන්ධබ්බ තැනක බවද අමාත්‍යවරයා කීවේය.
පැරැණි නීතිය දැන් නොමැති බවත් අලුත් නීතියද හරියාකාරව සකස්වී නොමැති බවත් අබයරත්න මහතා පැවසීය.
පළාත් සභා නවයේ නිල කාලය අවසන්වී වසර දහයක් ඉක්මවා ඇත. දැනට සියලු පළාත් සභාවන්හි පාලනය පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේය.

