( අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා මැතිවරණය සදහා ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට විරෝධය පළ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් තීරණය කර ඇත.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ශ්‍රීලනිප මූලස්ථානයේදී ඊයේ හමුවු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන,නිමල් සිරිපාල ද සිල්වා.මහින්ද අමරවීර,දයාසිරි ජයසේකර දුමින්ද දිසානායක,ලසන්ත අලගියවන්න. විමල් වීරවංශ,උදය ගම්මන්පිල. ඩිව් ගුණසේකර, ජී වීරසිංහ.මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් හිස්බුල්ලා, ටිරාන් අලස්. ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ යන මහත්වරු ද, අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වුහ.

