පළාත් පාලන ක්‍රමයේ අලුත් වෙනස්වීම් ගැන පැෆරල් කියයි


 ( රන්ජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් සකස් කිරීමේදී   සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු  අතර  පළාත් පාලන සභික ප්‍රමාණය 30% ක ප්‍රමාණයකින් අඩුවිය යුතු යැයි  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා  ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කියයි.

දැනට බලපැවැත්වෙන පනත මගින්  කාන්තාවන් සඳහා ලබා දී තිබෙන 25% කෝටාව එලෙසම ආරක්ෂා විය යුතු අතර කොට්ඨාස සඳහාද එලෙසම තැබිය යුතු යැයි පැෆරල් සංවිධානයට සඳහන් කරයි.

කොට්ඨාශ ප්‍රමාණය 20% න් අඩුකිරීම ලැයිස්තුවට හිමිවීමේ ප්‍රතිශතය40% සිට 50%  දක්වා අඩු කළ යුතු යැයි ද ඒ අනුව මෙතෙක් පවතින 60% -40%  අනුපාතය 70% 30% දක්වා වෙනස් කළ යුතු බවද පැෆරල් සංවිධානය කියයි.