පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි


(ඩයනා උදයංගනී) මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්‍ත්‍රික්කවලත් අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.