පළාත් කිහිපයකට අදත් වැසි


(ඩයනා උදයංගනී)

 දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (2) ත් වළාකුලින් බරව පවතින අතර ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100ට වැඩි තද වැසි සහ සෙසු ප්‍රදේශවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.