පළමු ලුණු තොගය දිවයිනට


(මහින්ද නිශ්ශංක)

ඉන්දියාවෙන් ඈනවූම් කළ ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් අද (27) දිවයිනට පැමිණි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

පළමු ලුණු තොගය ලෙස මෙට්‍රික් ටොන් 4050 ක් රැගෙන එන බවට සංස්ථාව ඊයේ (26) ප්‍රකාශ කර තිබුණත් අද මෙරටට රැගෙන විත් ඇත්තේ මෙට්‍රික් ටොන් 1485 ක ලුණු තොගයක් බව වාර්තාවේ.

රටේ පවතින ලුණු හිගයට විසදුමක් වශයෙන් පෙබරවාරි 28 දක්වා ලුණු ගෙන්වීමට රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දී තිබේ.