(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය කලපිටිය ප්‍රධාන මාර්ගයේ කිරිමැටියාව 33 කණුව ප්‍රදේශයේ දී අද (5) පස්කපන යන්ත්‍රයක දෝෂයක් පරීක්ෂා කරමින් සිටි රියදුරු සහයකවරයකු එම යන්ත්‍රය හදිසියේ ක්‍රියාත්මක වීමෙන් ඊට සිරවී මිය ගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා එම යන්ත්‍රයෙන් වැඩ කරමින් සිටියදි එක්වරම යන්ත්‍රයේ කුල්ල ක්‍රියා විරහිත වී කාර්මික දෝෂය පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේදී යන්ත්‍රයේ කුල්ල පහළට වැටී සිර වී මිය ගොස් ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, සේවකයින්, නාවලපිටිය පොලිසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා යන්ත්‍රයේ සිර වූ සහයකයාගේ සිරුර රැගෙන නාවලපිටිය මූලික රෝහල වෙත බාරදී ඇත.
යන්ත්‍රයේ ක්‍රියාකරු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



