
(ප්‍රසාද් රුක්මල්, පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසිරි)
හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් ඊට යටවු තරුණියන් දෙදෙනකු බේරාගෙන බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව හාලිඇල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ පදිංචි ව සිටි ඒ.කීර්තිනා(21) සහ තවත් 22 හැවිරිදි තරුණියක බව පොලිසිය කීය.
පවතින අධික වර්ෂාවත් සමග මෙම තරුණියන් දෙදෙනා නිවසේ නිදනකාමරයේ ඇදක් මතට වී සිටියදී පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ එක්වරම නිවස මතට පස්කන්දක් කඩා වැටී මොවුන් දෙදෙනා ඊට යට වී ඇති අතර , පසුව නිවැසියන් නිවසට පැමිණ බැලීමේදී නිවසේ නිදනකාමරයට පස්කන්දක් කඩා වැටී කාමරය පස්වලින් වැසී තිතිබෙන අයුරු දැක ඇතැයි පොලිස් සදහන් කළේය.


