පශු සම්පත් ලොක්කා ඇතුළු ගණකාධිකාරිවරයා 23 තෙක් යළි රිමාන්ඩ්


නිමන්ති රණසිංහ

 

මැල්සිරිපුර සාම ආයතනයේ ආපනශාලාව පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබාදීමට රුපියල් ලක්ෂ 12 ක අල්ලස් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 6 ක් ලබා ගැනීමට සුදානම් වු බව කියන පශු සම්පත් මණ්ඩලයේ සභාපති ඇතුළු ඔහුගේ ගණකාධිකාරිවරයා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා  අද (18) නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ පශු සම්පත් මණ්ඩලයේ සභාපති එම්.කේ.මුත්තු  විනයගම් සහ ඔහුගේ ගණකාධිකාරිවරයාය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අනිල් සිල්වා මහතා ඔවුන්ගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් සළකා ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ලබන 23 වැනි දා ඇප සම්බන්ධ නියෝගය ප්‍රකාශ කර බව සඳහන් කළේය.