( එච්.චන්දන )
පුත්තලම - පාලාවිය ලුණු සමාගමේ සේවයින්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සේවකයින් විසින් සිර කරගෙන සිටි ගණකාධිකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව් (04) දෙනෙකු අද ( 26 ) අලුයම මුදා ගත්බව පුත්තලම පොලීසිය කියයි.
පුත්තලම - පාලාවිය ලුණු සමාගමේ සේවකයින් දින කීපයක සිට තම වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන ලෙස ඉල්ලමින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඉකුත් 30 සිට මෙම වැඩ වර්ජනයේ නිරතව සිටින සේවකයින්,පාලක මණ්ඩලය හා සාකච්ඡාවක් පුත්තලම කම්කරු කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය 23 වැනිදා පවත්වා ඇත.
වැටුප් වැඩි කිරීමේ කොටසකට රු 5000.00 මුදලක් ලබා දී ඇති බවට වාර්තා වන අතර මෙහි ස්ථීර සේවකයින් 220 පමණ සේවය කරන අතර වාරි සේවකයින් දිනකට 200 ක් පමණ සේවය කරන බව ද වාර්තාවේ.
27 වැනිදා වන විට පවතින ගැටළුවට විසදුමක් ලබා දීමට ලුණු සමාගමේ පාලක මණ්ඩලය එම සාකච්ඡාවේදී එකගතාවය පල කර ඇතත් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් ආයතනය වසා දැමීමට සිදු වන බව ලුණූ සමාගමේ ඝනකාධිකාරීවරයා 25 වැනිදා සවස එහි සේවකයින් සමග පැවසීමත් සමග මෙම ගැටළුව උග්‍ර විය.
එම ප්‍රකාශයත් සමග කලබලයට පත්ව ඇති සේවකයින් ලුණූ සමාගමේ ප්‍රධාන දොරටුව වසා දමා ගණකාධීකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව් (04) දෙනෙකුට පිටතට යාමට නොහැකි වන සේ ආයතනය තුළ සිර කර ගෙන සේවකයින් කණ්ඩායම් ලෙස සකස් වී ප්‍රධාන ගේට්ටුව මුර කිරීමට කටයුතු කර ඇතැයි පොලීසය කියයි.
මේ පිළිබදව පුත්තලම පොලීසයට ලුණු සමාගමේ පාලන අධිකාරී මගින් කරන ලද පැමිණිල්ලකට අනුව අද (26 ) අලුයම විශේෂ පොලිස් කණ්ඩායමක් ලුණූ සමාගමේ පිටුපස කොටසින් ඇතුළු වී සිර කරගෙන සිටි ගණකාධීකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව් (04) මුදා ගෙන පුත්තලම පොලීසියට කැදවාගෙන ගොස් ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කරවා යවා තිබේ.