පලංචියෙන් වැටී පෙදරේරුවා මරුට


(ශාන්ත ප්‍රදීප්  කුමාර කුලරත්න)

ඉදි කරමින් පවතින දෙමහල් නිවසක ඉහළ මාලයේ පිටත බිත්තියක් පලංචියක ආධාරයෙන් කපරාදු කරමින් සිටියදී  එක්වරම පය ලිස්සා අඩි විස්සක පමණ උසක සිට බිමට වැටුණු පෙදරේරුවකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ වටරැක යොවුන්ගම අංක 95 හි පදිංචි  කන්දේ ගමරාළලාගේ රංජිත් (64) ඇවිරිදි තිදරු පියකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා තවත් සහායකයකු සමග ගොඩගම කිරිමැටිය වත්ත ප්‍රදේශයේ අලුතින් ඉදිකරන දෙමහල් නිවසක පෙදරේරු වෘත්තියෙහි යෙදී සිට ඇති අතර එහි උඩුමහලේ පිටත බිත්තියක් පලංචියක ආධාරයෙන් කපරාදු කරමින් සිටියදී එක් වරම පය ලිස්සා මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ.