පරැණි දේට ආදරය කළ ග්‍රාම නිලධාරිවරයා කපා කොටා මරයි


(නිමන්ති රණසිංහ සහ බණ්ඩාර තල්පත්වැව)

අඹන්පොළ දකුණ වසමේ ග්‍රාමසේවා නිලධාරීවරයා නාඳනන පිරිසක් විසින් තියුණු ආයුදයකින් පරහදි මරා දමා ඇතැයි  පොලිසිය කියයි.

අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුබද්ධව සේවය කළ එස්.එම්. කපිල ප්‍රියන්ත සපුකුමාර නමැති දෙදරු පියකු මේ ආකාරයෙන් මරා දමා ඇත.

අඹන්පෙල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ  පැවැත්වීමට නියමිත ජනසභා රැස්වීමට සහභාගීවීම සඳහා යතුරු පැදියෙන් යමින් සිටි ග්‍රාම නිලධාරීවරයා වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදු කර පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

පැරැණි වගා ක්‍රම පැරණී වී වර්ග ආදිය රැස්කරමින් පාරිසරික වගාව දියුණු කිරීමට මහත් වෙසෙහක් ගත් පරිසරයට ඉහත් ආදරයක් දැක් වූ අයකු බව ප්‍රදේශවාසීහු පවසති. 

පරැණි වී වර්ග විශාල ප්‍රමාණයක් ඔහුගේ නිවසේ සංරක්ෂණ කර ඇති අයුරු දැක ගන්නට ලැබිණි.