(විනීතා එම් ගමගේ)
උතුරේ පත්වීම් බාරගැනීම සඳහා නවක පවුල් සෞඛ්‍ය සේවිකාවන් 15 දෙනෙකු යාපනය නල්ලුර් හි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට යන විටත් එම කාර්යාලයේ නිලධාරීන් මෙම පත්වීම් පිළිබඳ කිසිවක් නොදන්නා බව දැන්වීමෙන් නවක නිලධාරීනියන් බලවත් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඔවුන් 15 දෙනා බස්නාහිර හා ආසන්න පළාත්වල පිරිස් වන අතර අද (10) දිනයේ යාපනය නල්ලුර්හි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පත්වීම් බාරගන්නා ලෙස සඳහන් පත්වීම් ලිපි පසුගිය 27 වැනිදා කොළඹ දී පැවැති උත්සවයක දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම නිලධාරිනියන් වෙත දෙනු ලැබීය.
එම නිලධාරියන් 15 දෙනා ඊයේ (9) දුම්රියෙන් එහි ගොස් ඇති අතර අද (10) උදෑසන පත්වීම් බාරගැනීමට ගිය අවස්ථාවේ දී මේ පිළිබඳ කිසිවක් නොදන්නා බැවින් කොළඹට දන්වා විසඳුමක් දෙන තෙක් කාර්යාලයේ රැඳී සිටින්නැයි දන්වා තිබේ.
ඒ අනුව එම නිලධාරිනියන් නල්ලුර් හි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අද (10) සවස 5 වනතුරු රැඳී සිට තිබේ. පසුව ඔවුනට හෙට දිනයේ මුලතිව් බලා පිටත් වන්නැයි ලිපි බාර දී ඇති අතර එම ලිපි සම්පුර්ණයෙන් දෙමළ භාෂාවෙන් ලියා ඇත.

