( අයි ආර් ඉන්දික )
කැළයේ අතහැරදැමු මැණික් පතලක වැටි සිටි වයස අවුරුදු 20-25ත් අතර වු අලියෙකු ගේ දිවිගලවා ගැනිමට වලජිවි නිළධාරිහු පිරිසක් සමත්වුහ.
කොටියාගල වනජිවි කලාපයට අයත් වරාකනත්ත ප්‍රෙද්ශයේ වලක වැටි සිටි මෙම අලියා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වු මෙම නිළධාරින් පිරිස එම අලියාගේ දිවි ගලවා ගැනිමට සමත්වි තිබේ
අඩි දහයක පමණ ගැඹුරු වලක වැටි සිටි මෙම අලියා වලෙන් ඉවතට ගැනිමට වනජීවි නිළධාරින් දැඩි වෙහෙසක් දරා ඇති අතර ඒ සඳහා පැය දහයකට අධික කාලයක් ගතවි තිබේ .
වලෙන් ගොඩගත් අලියා නිරුපද්‍රිතව වනයට මුදා හැරිමට පිරිස කටයුතු කර තිබේ .