පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ගවඩාර් නගරය වෙත ගමන් කරමින් තිබූ බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු විසින් රථයේ සිටි 14දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මගීන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තෝරාගත් පිරිසක් ඝාතනය කර ඇතැයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
කෙසේ වුවද ඝාතනය කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ කුමන පදනමක් මත ද යන්න පැහැදිලි නැති බව පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතන සිදුව ඇති බලුකිස්ථාන ප්‍රාන්තය බෙදුම්වාදීන් සහ ඉස්ලාම් සටන්කාමින් යන දෙපිරිසම ක්‍රියාත්මකව සිටින ප්‍රදේශයකි.
බෙදුම්වාදීන් වෙනත් වාර්ගික කණ්ඩායම් ඉලක්ක කරගෙන කඩාකප්පල්කාරී ක්‍රියා මෙහෙයවන අතර ඉස්ලාම් සටන්කාමීහු ෂියැට් සුළුජාතික කණ්ඩායම ඉලක්කකර සටන් මෙහෙයවති.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)


