නොරොච්චෝලේ පළමු විදුලි බලාගාර ඒකකය දින 100 ක් වසා දමයි


අලුත්වැඩියා කටයුතු හේතුවෙන්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු විදුලිබලාගාර ඒකකයේ කටයුතු තාවකාලිකව නවතාදැමීමට තීරණය කර තිබේ. ජාතික විදුලිබල සැපයුමට මේ හේතුවෙන් මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමිවන බවද පැවසේ.
 
මෙම ඒකකය දින 100ක කාලයක් වසාදමන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.
 
මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඒකක තුනක් මෙගාවොට් 300ක් ධාරිතාවක් නිකුත්කරමින් ක්‍රියාත්මකව පවතී.
 
මීළග මාසයේදී පෞද්ගලික විදුලි සංගම් හතක් සමග ගිවිසුමකට යාමට නියමිත බැවින් එයින්ද මෙගාවොට් 100ක ධාරිතාවක් අහිමිවීමට නියමිත බවද පැවසේ.
 
මෙම විදුලි අහිමිවීමේ තත්වය මගහරවා ගැනීම සඳහා තම අමාත්‍යංශය විකල්ප ක්‍රමවේද යොදාගන්නා බවද  කරුණානායක මහතා කීය.

(16844)