
(කේෂර ගුණතිලක)
ඇතිමලේ පොලිස් වසමට අයත් තෝරඅතුපිටිය වැවේ නෙළුම්මල් කැඩීමට ගිය පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 04 වන වසරේ ඉගෙනුම ලබන ඇතිමලේ ගොවිපොළ පාර පදිංචි වීරසිංහ මුදියාන්සේලාගේ මතීෂ දෙනුවන් (09) නැමති ළමයෙකි.
මියගිය ළමයා පාසල නිමවී තවත් මිතුරන් තිදෙනකු සමඟ තෝරඅතුපිටිය වැවට නෙළුම්මල් කැඩීමට ගොස් තිබේ.
එසේ ගිය විටදී නියං කාලයේ ජලය ලබාගැනීමට වැව මැද කපා තිබූ ළිඳට වැටී දියේ ගිලී ඇත.
මෙම සිද්ධිය මියගිය ළමයා සමඟ ගිය මිතුරන් කිසිවකුට පවසා නැත. තම දරුවා සවස 5.45 වන තුරු නිවසට නොපැමිණීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමේදී අසල්වාසියකු පවසා ඇත්තේ දරුවන් කිහිපදෙනකු වැව දෙසට ගිය බවයි.
පසුව අසල්වාසීන් කිහිපදෙනෙකු සමඟ වැව අසලට ගිය දරුවාගේ පියාට වැව මැද පිහිටි ළිඳ තුළ සිටිනු දැක වහාම ගොඩට ගෙන ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට රැගෙනගොස් ඇතත් ඒවන විටත් දරුවා මියගොස් සිට ඇත.

