(හර්ෂණ තුෂාර සිල්වා)
නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සන්නිවේදන සංචාරක සහ තාක්‍ෂණික ක්ෂේත්‍රවල නව පරිවර්තනයක් සහ දැවැන්ත පිම්මක් යැයි කුලුන විවෘතකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ පැවසීය.
කොළඹ, නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සන්නිවේදන සංචාරක සහ තාක්‍ෂණික ක්ෂේත්‍රවල නව යුගයක් ආරම්භ කරන බවත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත දේශීය සහ විදේශීය වශයෙන් තැබූ තවත් වැදගත් පියවරක් බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජාතික වස්තුවක් වන නෙළුම් කුලුන ආරක්‍ෂා කරගැනීම සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම යැයි ද ඔහු සඳහන් කළේය.

