(රංජන් කස්තුරි)
නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස එනම්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල වැනි රෝහලක් ලෙස පවත්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ සඳහා වන පනත් කෙටුම්පතත් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යංශයට පවරාගැනීමේ කටයුතුවල අදියර කිහිපයක් නිමවී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දේපළ සහ ඉඩම පවරාගැනීම මේ වනවිට අවසන් කර ඇත.

