(යොහාන් භාසුර , ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පිලේ නායක ස්කොට් එඩ්වඩ්ස් පළමුව ලකුණු රැස් කිරීම තෝරා ගත්තේය.
මෙම තරගයට තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත සහ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කැඳවා ඇති අතර දුනිත් වෙල්ලාලගේට සහ ලහිරු කුමාරට ස්ථාන අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුසංඛ සහ කසුන් රාජිත
නෙදර්ලන්ත කණ්ඩායම:
ස්කොට් එඩ්වඩ්ස්, මැක්ස් ඔඩවුඩ්, වික්‍රමජිත් සිං, කොලින් ඇකර්මන්, බාස් ඩි ලිඩ්, සිබ්‍රැන්ඩ් එන්ගල්බ්‍රෙච්, තෙජා නිදර්මනුරු, රොයිලොෆ් වෑන්ඩර් මර්ව්, ආරයන් ඩට්, ලොගන් වෑන් බීක් සහ පෝල් වෑන් මිකරන්

