නුවරඑළිය වසන්ත උත්සවය අවලංගු කරයි


(ෂෙල්ටන් හෙට්ටිආරච්චි )

රටතුළ   සිදු වු  පිපිරීම් සමඟ  ඇති වු කලබලකාරී තත්ත්වය  හේතුවෙන්  නුවරඑළිය වසන්ත උත්සවයේ  හෙට (23 )  සිට 30 වැනිදා තෙක්   පැවැත්වීමට නියමිතව තිබූ සියලූම උත්සව අංග අවලංගු කිරීමට පියවරගත් බව නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා පැවසීය.

මේ මස 01 වන දින  21 වන දින දක්වා වසන්ත උත්සවය පවත්වාගෙන ආ බවත්, 21 පෙරවරුවේ දී සිවු බෝම්බ ප‍්‍රහාර නිසා වසන්ත උත්සවයේ සියලූම උත්සව නතර කර  රටේ ආරක්ෂාව වෙනුවෙන්  නුවරඑළිය ජනතාව ද එක් වන බව නුවරඑළිය පුරපති වරයා සඳහන් කර සිටියේය.
 
 මේ හේතුව නිසා විවිධ තරඟ ඉසව් සහ උත්සව අංග සංවිධානය කළ සංවිධායකයින්ට තමා කණගාටුව පල කර සිටින අතර, එම උත්සව අංග හා ක‍්‍රීඩා තරඟ අගෝස්තු නිවාඩු සමයේ දී පැවැත්වීමට කටයුතු කරන බවද සඳහන් කළේය.